14 January 2015

android phone එක ලේසියෙන්ම root කරගමු..


ඉතින් කොහොමද යාලුවනේ! ටික දවසකට පස්සේ ඔන්න අයිත් පොස්ට් එකක් දන්න ආවා...මේ දවස් වල කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක්නේ කොහොමද android phone Root කරන්නේ කියලා....ඔන්න මම අද කියල දෙනවා ලේසියෙන්ම android phone ROOT කරන හැටි....
anroid phone එකක් එනකොට එන්නේ ඔයලට කරන්න පුළුවන් වැඩ සීමා කරලා.Root කරගත්තම ඔය ප්‍රශ්න ඉවරයි...
android root කිරීමේ වාසි

  • Super User බලතල හෙවත් දුරකතනයේ සම්පූර්ණ පාලන බලය ලැබීම.
  • Memory Card එකටද Applications Install කිරීමට හැකි වීම.
  • රූට් කිරීමට පෙර Install කිරීමට නොහැකි වූ Applications Install කිරීමට හැකි වීම. Custom ROM Install කිරීමට හැකි වීම.
  • ඕනෑම Android Version එකක් ස්ථාපනය කල හැකි වීම. 
  •  OS එක තමන්ට අවශ්ය විදිහට සකසා ගැනීමට හැකි වීම ( BootScreen , Animations , Fonts , Icons ආදිය වෙනස් කිරීම ).

android root කිරීමේ වාසි

  • නිශ්පාදකයාගේ වගකීම් සහතිකය නැති වීම ( ඒ කියන්නෙ ෆෝන් එක රූට් කරාම ඔයාගෙ Warrenty එක Cancel වෙනවා )
  • Official Update කිරීමට ඇති හැකියාව නැති වීම.
  • ෆෝන් එකට හෝ ටැබ් එකට ඔරොත්තු නොදෙන ඇප්ස් Install කිරීම නිසා උපකරණයේ කාර්යක්ශමතාවය අඩු වෙන්න පුලුවන්.
හරි , දැන් එහෙනම් දන්නවනේ Root කරනවා කියන්නෙ මොකක්ද කියලා... එහෙනම් දැන් බලමු රූට් කරන විදිහ.ගොඩක් දෙනා Root කරන්න PC එකක් Use කරනව.ඒත් අද මම කියන්නෙ PC එකක් නැතුවම ෆෝන් එක රූට් කරගන්න හැටි.මෙකට ඔයාට ඕන FramaRoot කියන ඇප් එක.මම දන්න විදියට මේක PlayStore එකේ නෑ.ඒ නිසා ඔයාට කැමති Version එකක් පහලින් Download කරගන්න.












                  මේක Install කරනකොට මේ වගේ Error එකක් එයි සමහර විට.

                                 මෙහෙම ආවොත් ඔයාගෙ ෆෝන් එකේ Menu එකේ Settings වලට ගිහින් ,ඒකෙ Aplication කියන Tab එකේ තියෙන Unknown Sourses කියන එකට ටික් එකක් දාන්න.ඒක ටික් කරනකොට එන Warning එක ගනන් ගන්න එපා
තේරුනේ නැත්තන් පහල රූපය බලන්න.

දැන් ඉතින් ඔය app එක Install කරලා Open කරගන්න.ඊට පස්සෙ ඒකෙ “ Install Superuser ” කියන එක තෝරලා ඒකෙ පහල තියෙන exploits වලින් කැමති එකකට යන්න.


ඊට පස්සෙ ටික වෙලාවක් ගියාම ඔයාට
“Success  … Superuser and su binary installed. You have to reboot your device”
කියල message එකක් ආවොත් , ඒ කියන්නෙ ඔයාගෙ Phone එක Root වෙලා

එහෙම නැතුව “Failed … Try another exploit if available” කියල message එකක් ආවොත් ඒ කියන්නෙ ඔයා තෝරපු exploit එක ඔයාගෙ Phone එකට Support නෑ කියලා.එතකොට ඔයාට කරන්න තියෙන්නෙ වෙන exploit එකකට ගිහින් Try කරල බලන්න.එතකොට හරි.වැඩේ හරි ගියාට පස්සෙ Phone එක Restart කරන්න.

දැන් ඉතින් ඇත්තටම රූට් උනාද කියලත් බලාගන්න එපැයි.ඒකටත් විදියක් කියන්නම්කෝ ඉතින්
මෙන්න මේ app එකෙන් පුලුවන් ඔයාගෙ Phone එක Root වෙලාද නැද්ද කියල බලාගන්න.මෙතනින් බාගන්න එහෙනම්..

ඔන්න එහෙනම් දැන් ඉතින් කරදරයක් නැතුව anroid phone එක use කරන්න පුළුවන් නේද?
එහෙනම් මොකක් හරි දෙයක් කියන්න තියෙනවනම් කොමෙන්ට්ටුවක් දාන්නකෝ...
එහෙනම් මම යනවා..
සුභ දවසක්!

0 comments:

Post a Comment