29 December 2014

Face book group සේරටම එක පාර Post දාන හැටි



ඔන්න යාලුවනේ මම අද ඔයලට ඉතාම වැදගත් POST එකක් ගෙනාවා...ඒ තමයි එක පාරින් ඔයාගේ FB ගෘප් සේරටම එකම POST එක දන්න පුළුවන් Script එකක්...කරන්නේ මෙහෙමයි..

  1. FB Account එකට ලොග් වෙන්න...
  2. කැමති group එකකට යන්න...
  3. F12 බට්න් එක Press කරන්න...
  4. console යන්න තෝරන්න...
  5. පහල Code ටික Copy කරන්න...
  6. consoleඑකට Copy කරගත් Code ටික Paste කරන්න...
  7. දැන් Enter key එක ඔබන්න...
                 මෙන්න Code ටික... 



ඉට පස්සේ පැමිණෙන පණිවුඩයට ENTER පාරක් ගහන්න....
ඉන් පසු පහල තියෙන පින්තුරයේ ඇති විදියට Post box එක open වෙයි...

ඉට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ පොස්ට් එක එකේ කොටලා Post කියන Icon එක Click කරන එක විතරයි...
දැන් ටික වෙලාවක් ගියාම මැසේජ් එකක් එයි Refresh කරන්න කියලා...
එතකොට F5 ගහල Refresh කරන්න page එක...දැන් ඔයාගේ පොස්ට් එක ඔය join වෙලා ඉන්න හැම Group එකකටම ගිහින් ඇති....
එහෙනම් වැඩේ හරිනේ....
මොකක් හරි අවුලක් අවොත් Comment එකක් දාලා අහන්නකෝ...
එහෙනම් අපි කැපුනා...
සුභ දවසක්!!

28 December 2014

Arduino පළමු Project එක(LED එකක් Blink කරමු..)

ඔන්න එහෙනම් අපි හා හා පුරා කියලා කරන්න හදන්නේ අපේ පලවෙනි Arduino project එක.....මේක තමයි මම දන්නා විදියට කරන්න පුළුවන් සරලම Project එක...
කලින් ලිපි බැලුවේ නැත්තම් ඒවත් බලලම ඉන්නකෝ...
  1. පළමු පාඩම  
  2. දෙවන පාඩම
  3. තෙවන පාඩම
මේ ප්‍රොජෙක්ට් එක බොහොම සරලයි. අපි මේකෙදී කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino Board එකේ Inbuilt තියෙන LED එක නිවි නිවී පත්තුවෙන්න සකස් කිරීමයි. මේ Inbuilt LED එක කිව්වේ L LED එක. ඔයගොල්ලො කලින් පෝස්ට් එක කියෙව්වනම් මේ L LED එක සවිවෙලා තියෙන්නේ Digital Pin 13 වලට කියලා මතක ඇති.. මේ Project එකේදී අපට වෙන කිසිම දෙයක් Arduino Board එකට එලියෙන් සවිකරන්න වුවමනා වෙන්නේ නෑ. Board එක තිබුනාම ඇති....

L LED UNO

ඕනම Arduino programme එකක අනිවාර්‍රයෙන්ම තියෙන Structures දෙකක් තියෙනවා. ඒ තමයි "void setup ()" සහ "void loop ()" කියන Structures දෙක. අපි ලියන ප්‍රෝග්‍රෑම් එක දාන්න ඕන මේ "setup()" සහ "loop()" කියන කොටස් දෙක ඇතුලටයි. මේ දෙකෙන් "setup()" කියන එක අපි Programme එක ස්ටාර්ට් කරාම එක පාරක් වැඩකරලා ඊළඟට "loop()" කියන එකට යනවා. "loop" එක හැමදිස්සෙම ආපහු ආපහු වැඩ කරකර තමයි තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අපට ප්‍රෝග්‍රෑම් එකේ එකපාරක් විතරක් වෙන්න ඕන දෙවල් ටික "setup" එක ඇතුලට දාලා ඊළඟට repeat වෙන්න ඕන දෙවල් ටික "loop" එක ඇතුලට දාන්න ඕන බව..දැනට ඔය ටික ඇති....දැන් අපි වැඩේට බහිමු...


අපි දැන් අපේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්න ඕන දෙවල්. ඒ කියන්නේ pseudo code එකක් වගේ එකක් ලියමු.( ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්න ඕනේ කොහොමද කියල... ) දැන් අපිට අපේ Pin 13 එකේ තියෙන LED එක Blink කරන්න නම් පහල තියෙන දේවල් කරන්න ඕන....

1) LED එක සවිකර ඇති Pin එක Pin 13 බව Arduino එකට පැවසීම.
2) එම Pin එක Output එකක් බවට පත් කිරීම.
3) LED එක දැල්වීම.
4) ටික වේලාවක් බලාසිටීම.
5) LED එක නීවීම.
6) ටික වේලාවක් බලාසිටීම.
7) නැවතත් අංක 3 වෙත යෑම.

ඔය පියවරවල් ටික බැලුවාම ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් අවබෝධ කර ගන්න පුලුවන් දෙයක් තමයි ඔතන තියෙන පියවර 1 හා 2 එක පාරක් වැඩකරාම ඇති බව. නමුත් පියවරවල් 3 සිට 7 දක්වා නැවත නැවතත් Repeat වෙන්න ඕන. ඒ නිසා අපි ඔය පියවරවල් වලින් 1 සහ 2 දානවා එක "setup()" ඇතුලට. අනිත් ටික (3 සිට 7 දක්වා) දානවා "loop()" එක ඇතුලට.

එහෙනම් අපි දැන් ප්‍රෝග්‍රෑම් ලියන්න පටන් ගනිමු...එස්සේල්ලම අපි අපේ project එකට Arduino board එකෙන් ගන්න pin එක මොකක්ද කියල define(එකියන්නේ හඳුන්වන්න ඕනේ)කරන්න ඕනේ...මෙතැනදී අපි Use කරන්නේ 13 වෙනි පින් එක නිසා මම මෙහෙම එක define කරනවා..
int ledpin = 13;
මෙතැනදී අපි 13 වන pin එක ප්‍රෝග්‍රෑම්
එකට define කරනවා විතරක් නෙවෙයි.
මෙතැනදී අපි ledpin කියල වෙරියබල් එකක් හදනවා...
එකියන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එක ඇතුලෙදි(මෙතනින් පසුව)
13 වන pin එකට ledpin කියල කියන්න පුළුවන්... 
මේවගේ define කරන ඒවා අපි "setup" හා "loop" කියන දෙකම
කලින් කරන්න ඕන... 
දැන් ledpin එක output එකක් කරන එක අපි "setup" එක ඇතුලෙ කරන්න ඕන. ඒක මෙහෙම කරන්න පුලුවන්.
void setup() {                
  pinMode(ledpin, OUTPUT);

}
දැන් අපේ "loop" එක ආරම්භ කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කේත සටහනම මෙහෙමයි. 
void loop() {
  digitalWrite(ledpin, HIGH);
  delay(1000);
  digitalWrite(ledpin, LOW);
  delay(1000);
}
ඔතන තියෙන "digitalWrite" කියන function එකෙන් කෙරෙන්නේ අපේ outputs විදියට define කරලා තියෙන digital pins, on හරි off හරි කරන එකයි. ( HIGH කියන්නේ on කියන එකයි. LOW කියන්නේ off වලටයි )
ඒවගේම අපි "delay" කියන function එක භාවිතා කරන්නේ අපේ programme එක වැඩකිරීම යම්කිසි වේලාවකට නවත්වා තැබීමටයි. මෙතනදී නම් LED එක ඔන් කළාට පස්සේ ආපහු LED එක off වෙන්න කලින් තත්පරයක කාලයක් LED එක on තත්වයේම තබාගැනීම delay එක මඟින් මෙතනදී සිදුකරනවා. ( delay function එකෙදී අපි delay time එක ලබාදෙන්න ඕන මිලිතත්පර වලිනුයි.  එක තත්පරයකට මිලිතත්පර 1000ක් තියෙනවා. | | 1 second = 1000 milliseconds ) 
මෙතනදී වැදගත් දෙයක් කියන්න ඕනේ.
ඒ තමයි අපි දෙන හැම Code අවසානයේ ;
කියන සංකේතය දන්නා ඕනේ..
තවදෙයක් තම මතක් කරලම දාන හැම සඟල
වරහනක්ම වහන්නත් මතක තියාගන්න ඕනේ..

ඉතා වැදගත්! :- Arduino Language එක Case Sensitive. ඒ කියන්නේ කැපිටල් සහ සිම්පල් අකුරු හරි විදියට තියෙන්න ඕන. ඒ හින්දා මම මෙතනදී දෙන කෝඩ් එක ඒ තියෙන විදියටම ලියන්න. කැපිටල් සිම්පල් මාරු කරන්න එපා. 

උදා : - Digitalwrite() - මේක වැරදියි.

           DigitalWrite() - මේකත් වැරදියි. 

           digitalWrite()- මේ විදිය විතරයි හරි.
 
ඔන්න code සේරම ටික ලිව්වා...දැන් ඉතින් බෝඩ් එකට Power දීලා තියෙනකම් 13 වන pin එකට සෙට් වෙලා තියෙන LED එක blink වෙනචා..ඕනෙනම් අපිට 13 වන pin එකට LED එකක (-) අග්‍ර සවි කරලා අනිත් අග්‍රය(ඒ කියන්නේ (+)අග්‍රය) බෝඩ් එකේ තියෙන 3.3V  කියන තැනට 220onm විතර resistor එකක් එක්ක ඇල්ලුවොත් ඒ LED එකත් Blink වෙනවා...කරලා බලන්නකෝ...මෙකට Project Board එකක් ගත්තොත් ලේසි...පාඩුවක් වෙන්නේ එකක් ගත්ත කියල මොකද අපි ඉස්සරහට කරන Project බොහොමයකටම අපිට Project Board එකක් ඕනේ වෙන්නේ නෑ....මේකක් සාමාන්‍යයෙන් RS.250-300ක් විතර වෙන්නේ....තව අපි ඉස්සරහට කරන Project වලට jumper cabels එහෙමත් ඕනේ වෙනවා...ඒවත් RS.200ක් විතර වෙනවා...මේ ඔක්කොම බඩු ටික ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන් කොටුවේ පලවෙනි හරස් වීදියේ යුනිටෙක් කියන කඩෙන්...

ඔන්න එහෙනම් පහලින් බලා ගන්නකො..අද අපි ලියපු සම්පුර්ණ ප්‍රෝග්‍රෑම් එක...
int ledpin = 13;

void setup() {                
  pinMode(ledpin, OUTPUT);     
}

void loop() {
  digitalWrite(ledpin, HIGH);
  delay(1000);
  digitalWrite(ledpin, LOW);
  delay(1000);
}
දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයි! දැන් ඉතින් Arduino IDE එකේ තියෙන Upload Button එක ඔබලා ප්‍රෝග්‍රෑම් එක බෝඩ් එකට upload කරන්න. 


                                                Upload Button Position
වැඩේ හරියට කළානම් LED එක නිවී නිවී පත්තු වෙන්න ඕන. මේ වීඩියෝ එක බලන්න....

 
ඔන්න එහෙනම් අදට පාඩම ඉවරයි...මීළඟ ලිපියෙන් නයිට් රයිඩර් සර්කිට් එකක් හදන්න කියල දෙන්න හිතන් ඉන්නවා.arduino වලින්...
එහෙනම් එකට පහල තියෙන බඩු ටික හොයා ගෙන ලෑස්ති වෙලා ඉන්නකෝ...
  1. Arduino Board එක (ඕන ජාතියක එකක්) with the USB cable
  2. LED - 10
  3. 220 ohm Resistor -1
  4. Jumper Cables (Male to Male)
  5. Breadboard -1
ඔන්න එහෙනම් මම යනවා.....අද පාඩමේ මොකක් හරි දෙයක් කියන්න තියෙනවනම් Comment එකක් දාලා අහන්නකො...
එහෙමනම් අපි කැපුනා.
සුභ දවසක්!

27 December 2014

Arduino Programming-3 පාඩම(Arduino Software & Drivers install)

එහෙනම් සුභ දවසක් හැමෝටම!ඔන්න එහෙනම් මම ‍අදත් අවා Arduino Programming වල 3වෙනි ලිපියඅරගෙන....මම හිතනවා මේ වෙනකොට හැමෝම මන් ලියපු පලවෙනි ලිපියයි,දෙවන ලිපියයි කියවන්න ඇති කියලා....කියව්වේ නැත්තම් දැන්ම කියවලා ඉන්නකෝ....මොකද නැත්තම් ඉස්සරහට තියෙන පාඩම් කරන්න අමාරු වෙයි...
  1. පලවෙනි ලිපිය...
  2. දෙවන ලිපිය..
එහෙනම් ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Arduino Software එක ඔයාලගේ පරිගනකයේ Install කරගන්නා හැටි. මේක වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යන OS තුනටම සහයෝගය දක්වනවා. ඒවගේම මේ Arduino Software එක ස්ථාපනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.ඒ කියන්නේ මේක ඇත්තටම කිව්වොත් portable softeware එකක්..දැනට තියෙන අලුත්ම සංස්කරණය වෙන්නේ Arduino 1.0.6 එකයි. ඒක මෙතනින් බාගන්න...තව දෙයක් කියන්න ඕනේ... ඔයාලා Use කරන්නේ windows xp නම් ඒ අයට drvers Install කරන්නත් වෙනවා....එක ගැන වැඩි විස්තර දැන ගන්න පහල ලින්ක් එකෙන් යන්න.(windows xp use කරන්නන් සඳහා පමණි..)මෙතනින් යන්න...

සටහන :- Arduino Software එක දුවන්නේ Java මත නිසා ඔයාලට Java Runtime Environment එකත් පරිගණකයේ තිබීම අවශ්‍ය වෙනවා. දැනටමත් ඔයගොල්ලෝ Java දාලා නැත්නම් මෙතනින් Java Download කරගන්න.

 දැන් ඔයාල Download කරගත්ත
Arduino Software ඒක එන්නේ Zip File එකක් විදියට...දැන් ඒක වෙනම ෆෝල්ඩයරක් ඇතුලට Extract කරගන්න...


ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන "Arduino.exe" ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න.....

  Run "arduino.exe"

ඔන්න දැන් Arduino Software එක ලෝඩ් වෙනවා....


දැන් අපි ඉස්සෙල්ලම කරන්න ඕන අපේ Arduino බෝඩ් එක පරිගණකයට සම්බන්ධ කරන එකයි. එහෙම සම්බන්ධ කරාට පස්සේ අපේ Board එක පරිගණකයට සම්බන්ධ කරල තියෙන පෝට් එක සහ අපේ Board එකේ වර්ගය Arduino Software එකට කීයන්න ඕන. මේ පෝට් එක Device Manager හරහා දැනගන්න පුලුවන්. ඒ සඳහා පහත දැක්වෙන පියවරවල් අනුගමනය කරන්න. 

සැලකිය යුතුය:- Arduino USB වුනාට ඒක වැඩකරන්නේ Serial Emulation යොදාගෙන. ඒ කියන්නේ අපි මේක USB හරහා සම්බන්ධ කරාට පරිගණකය හිතන්නේ මේක හයිකරලා තියෙන්නේ Serial Port එකක් හරහා කියලයි. ඒ නිසා අපේ Board එකට අංකයක් තියෙනවා මේ වගේ ( COM1 ). 

  • Arduino Board එක පරිගණකයට සවිකර තිබියදී Device Manager එකට යන්න. එකේ Ports කියන Section එක යටතේ ඔයගොල්ලන්ගේ බෝඩ් එකේ නමත් එක්ක ඒකට අදාල පෝට් එක බලාගන්න පුලුවන් වෙයි.


Device Manager එකට යන විදිය



 අදාල Serial පෝට් එක
 
දැන් කලින් බලාගත්ත PORT එකේ අංකය මෙතනින් තෝරන්න...
දැන් මෙතනින් ඔයාගේ බෝඩ් එකේ වර්ගය තෝරන්න.(මම තේරුවේ Arduino uno කියලා.මොකද මගේ බෝඩ් එක Arduino uno නිසා..) 



ඔබ ඉහත පියවරවල් ටික නිවැරදිව සම්පූර්ණ කර ගත්තා නම් දැන් ඔබ Arduino Board එක නිවැරදිව Configure කර ගෙන අවසානයි. දැන් ඉතින් තියෙන්නේ Project එකක් කරන්න තමයි.


ආ ඔයා තාම Arduino බෝඩ් එකක් ගත්තේ නැත්තම් දැන්ම ගන්න.මොකද මීළඟ ලිපියේ ඉඳන් අපි ප්‍රයෝගික පරීක්ෂණ වලට බහිනවා...මම දැක්කා lankatronics කියන සයිට් එකේත් තියෙනවා Arduino බෝඩ් විකුණන්න..එයාලගෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..මෙතනින් ගිහිල්ලම බලන්නකෝ...නැත්තම් Ebay එකෙනුත් ගෙන්නන්න පුළුවන්...එත් එකට කාලයක් යනවා...මගේ යාලුවෙකුත් ගෙන්නුවා.එයාටත් ටික දවසක් බලන් ඉන්න උනා බෝඩ් එක එනකන්..නැත්තම් ලේසිම ක්‍රමය තමයි කොටුවේ පලවෙනි හරස්වීදියේ තියෙන යුනිටෙක් කියන කඩෙන් ගන්න එක තමා..මම ගත්තෙත් එතනින්...ඔන්න එහෙනම් මීළඟ ලිපියෙන් අනිවාර්යයෙන් ප්‍රයෝගික පරීක්ෂණ ආරම්භ කරනවා....
ඔන්න එහෙනම් අදට පාඩම් ඉවරයි.....අද පාඩමේ මොකක්හරි දෙයක් ඔයාලට කියන්න තියෙනවනම් කොමෙන්ට්ටුවක් දාලා කියන්න..එහෙනම් ඔන්න අපි කැපුනා.සුභ දවසක්! 

Arduino Board එකක කොටස් අඳුරගනිමු..

මම හිතනවා මේ වෙනකොට හැමෝම අපේ පළවෙනි ලිපිය කියවලා Arduino ගැන යම් තරමක අවබෝධයක් සහ ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැනත් දැනගෙන ඇති කියලා. අද එහෙනම් අපි ඉස් ඉසෙල්ලම Arduino Board එකක කොටස් අඳුරගෙන වැඩේට බහිමු.....
ඔන්න පහල තියෙනවා Arduino UNO බෝඩ් එකක කො‍ටස් නම්කරලා....බලලම ඉන්නකෝ...
දැන් මම උඩ පින්තූරයේ තියෙන කොටස් ගැන සරල විස්තරයක් දක්වන්නම්.....(මම මෙතන ඔයාලට විස්තර කරන්නේ අපිට දැනට අවශ්‍ය දේ පමණි.ඉතිරිය ඉදිරි පාඩම් වලදී ක්‍රමානුකූලව කියන්නම්.මොකොද නැත්තම් අපේ අයට මේවා එක පාරට දිරවන්නේ නෑනේ... )

Analog Input Pins
  • Arduino එකට Analog Inputs ගන්න මේ Pins පාවිච්චි කරනවා.
Digital I/O pins
  • ගොඩක් වෙලාවට Outputs ගන්න මේ පින් පාවිච්චි කරනවා. ඒ වගේම මේවාට Inputs වුනත් සවි කරන්න පුලුවන්.
External Power Supply
  • මෙතනින් අපිට බෝඩ් එකට් POWER දෙන්න පුලුවන්...හැබැයි USB කේබල් එකෙන් පරිගනකයට සම්බන්ධ කරලා තියන වෙලාවට මේ පෝට් එකට POWER දෙන්න ඕනේ නැ....
මෙතන තියෙන දේවල් වැඩිය තේරුනේ නැති වුනාට එච්චර කලබල වෙන්න දෙයක් නෑ. අපි ඉස්සරහට ප්‍රොජෙක්ස් කරගෙන යනකොට මේවා ප්‍රායෝගිකව පාවිච්චි කරනකොට ඒවා ලේසියෙන්ම තේරුම්ගන්න පුලුවන්....

ආ දැන් කරන්න තියෙන්නේ Arduino softeare එක Install කරගෙන ප්‍රයෝගික පරීක්ෂණ වලට බහින්නයි.....
ඒ පිළිබඳ කරුණු ඇතුලත් ලිපියකින් නැවත ඔබ හමු වන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.(කැපෙනවා)...
එහෙනම් අද ලිපියේ ගුණ අගුන,ඒවගේම ඉදිරියට ඔයාලට ඕන කියල හිතෙන ලිපි තියෙනවානම් ඒ පිළිබඳත් අපට Comment එකක් දාලා කියන්න...එක මට මට ඉතා වැදගත් ඉදිරි ලිපි ලියන්න...
එහෙනම් අපි ගියා....
සුභ දවසක්!!

25 December 2014

Arduino programming(හැඳින්වීම)



සුභ දවසක් යාලුවනේ.......
ඔන්න මම අද ඉඳන් අලුත් ලිපි පෙළක් ලියන්න යනවා...
ඒ තමයි Arduino programming ගැන...
සමහර අය මේ ගැන දන්නවත් ඇති දැනටම....ඒ වුනාට කමක් නැ...
මම හැමදේම මුල ඉඳන් කියලා දෙන්නම්......

ඔන්න එහෙනම් අපි මුලින්ම බලමු.....මේ Arduino කියන්නේ මොකක්ද? කියලා...
මේක හදපු Arduino.cc එකේ අය Arduino ගැන මෙහෙම කියනවා....

"Arduino is an open-source electronics prototyping platform based on flexible, easy-to-use hardware and software. It's intended for artists, designers, hobbyists, and anyone interested in creating interactive objects or environments."

ඕකේ තියෙන වැඩක් ඇති දේවල් ටික නම්,

1) Arduino කියන්නේ සම්පූර්නයෙන්ම නිදහස් දෘඩාංග සහ මෘදුකාංග වලින් සැදුම්ලත් එකක්. Arduino වලට අදාල ඕනම ක්‍රමානුරූප (Schematics) ඕන දෙයක් ඒගොල්ලන්ගෙම වෙබ්සයිට් එකක් ඩවුන් කරගන්න පුලුවන්.

2) Easy-to-use - ඇත්තටම Arduino වලින් ප්‍රෝග්‍රෑම් කරන එක සහ Arduino සම්බන්ධ පරිපථ නිර්මාණය හරිම සිම්පල් වැඩක්. ඒවා අපි ඊළඟට බලමුකෝ..

සරලවම කිව්වොත් Arduino කියන්නේ අපි විසින් එයට දෙන උපදෙස් වලට අනුව එය වැඩ කරනවා....එම නිසා අපිට Arduino මගින් LED පරිපථ වැනි සරල දේවල් වල සිට රොබෝවරු නිර්මාණය වැනි සංකීර්ණ වැඩ කිරීමට‍ද හැක...


දැන් සමහර අයට ගැටළුවක් එනවා ඇති PIC සහ Arduino අතර තියෙන වෙනස්කම් මොනවද කියලා.
  • PIC සහ Arduino අතර තියෙන ප්‍රධානම වෙනස්කම තමයි PIC කියන්නේ නිකම්ම Microprocessor එකක් විතරයි.
  • ඒවුනාට Arduino කියන්නේ සම්පූර්ණ prototyping platform එකක්. platform එකක microprocessor එකට අමතරව ප්‍රොග්‍රැමර් එකක් සහ power supply එකක් සහ පරිගණකය හා සම්බන්ධ කරන ක්‍රමයක් (USB or Serial) යන සියල්ලම අන්තර්ගත වෙනවා. 
  • ඒ කියන්නේ අපි Arduino බෝඩ් එකක් මිලදී ගත්තාම ඒක කෙලින්ම පරිගණකයට සම්බන්ධ කරල වැඩ පටන්ගන්න පුලුවන්.  
 දැන් ඉතින් විස්තර ගොඩක් මම කිව්වා....
අපිට  Arduino programming වලට ගන්න පුළුවන් Board විශාල ප්‍රමාණයක් තියෙනවා...
ඒ අතරින් අඩු මුදලකට ගන්න පුළුවන් බෝඩ් එක තමයි Arduino UNO  බෝඩ් එක.
මෙම බෝඩ් එක කොටුව පලවෙනි හරස් විදියේ පිහිටි යුනිටෙක් කියන වෙළඳ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්...මිල RS.1550/=ක් විතර වෙනවා...

ඔන්න මම Arduino UNO බෝඩ් එකේ පින්තුර 2ක් දැම්මා....
මේකේ භාවිතා වෙන්නේ  Atmega 328P කියන ප්‍රොසෙසරයයි.

හරි දැන් අපි බලමු Arduinoවලින් කරන්න පුළුවන් මොනවාද කියලා...
ඉස්සර අපි අමාරුවෙන් හදපු ඉලෙක්ට්‍රොනික පරිපථ විශාල ප්‍රමාණයක් දැන් Arduino යොදා ගෙන පහසුවෙන් හදන්න පුළුවන්..උදාහරණයක් විදියටඅපි මෙහෙම ගමු.. ඉස්සර අපිට නයිට් රයිඩර් සර්කිට් එකක් හදාගන්න ඕන වුනාම ඒකට විඳපු දුක මතකයි නේද? 4017 IC එක හොයාගෙන ඒකටත් සෑහෙන කට්ටක් කන්න ඕන වුනා. ඒවුනාට Arduino වලින් නයිට් රයිඩර් සර්කිට් එකක් හදාගන්න ඔයගොල්ලන්ට ඕන වෙන්නේ Arduino Board එක හැරුනාම LED 10කුයි එක resistor එකකුයි විතරයි. ඒ වගේ සරල දේක ඉඳලා LCD Character Display එකක් පාලනය කරන්න, ඔය ලස්සන ලස්සන LED Cubes හදන්න, Line follower නැත්නම් Obstacle avoiding රොබෝලා නිර්මාණය කරන්න,ගෙදර දොරක් නැත්නම් ජනේලයක් ඇරියොත් Twitter post එකක් හරි SMS එකක් හරි එවන්න, Touch Screen එකක් හරහා වැඩ කරන්න පුලුවන් Home Automation Systems,Autopilot හෙලිකොප්ටරයක් වගේ දෙයක් හදන්න වුනත් Arduino පාවිච්චි කරන්න පුලුවන්...


An LCD Character Display 16x2

Arduino භාවිතා කර සාදන ලද කුඩා රොබෝකාරයක්


 Arduino භාවිතා කර සාදන ලද Remote Control Plane එකක්..

Arduino වලින් වැඩ කරන්න පටන්ගන්නනම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම Arduino Board එකක් මිලදී ගන්න ඕන. ගාන ප්‍රශ්නයක් නැත්නම් ගන්න පුලුවන් හොඳම එක මම ඉස්සෙල්ලා කියපු Arduino UNO  බෝඩ් එක.

මෙම බෝඩ් එක කොටුව පලවෙනි හරස් විදියේ පිහිටි යුනිටෙක් කියන වෙළඳ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්...මිල RS.1550/=ක් විතර වෙනවා...

අපි ගොඩක් වෙලාවට මයික්‍රෝකන්ට්‍රෝලර් එකකින් බලපොරොත්තු වෙන්නේ මොනවහරි Input එකක් අරගෙන ඒ Input එකට අනුව Output එක පාලනය කිරීමයි. මේවගේ Inputs ලබාදෙන්න අපි එක එක ජාතියේ Sensors පාවිච්චි කරනවා. උදාහරණ විදියට උෂ්නත්වය මනින සංවේදක, දුර මනින සංවේදක, Hall effect sensors, ආලෝක තත්වය, ඒ වගේම නිකම්ම Switch එකක් උනත් Input එකක් වෙන්න පුලුවන්. අපි දැන් මේ Input Devices කීපයක් ගැන බලමු.....

IR sensor 
IR Distance Sensor එකක්. අපි මේවගේ ඒවා ගොඩක් වෙලාවට Line Follower රොබෝලා හදන්න පාවිච්චි කරනවා





Ultrasonic Distance Sensor
Ultrasonic Distance Sensor එකක්. මේවගේ එකක් පාවිච්චි කරලා අපිට මීටර් හතරක දුරක් ආසන්න සෙන්ටිමීටරයට නිවැරදිව කියන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඔය Navigational Robotsලා වගේ දේවල් හදන්න මේක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. මේකෙන් කරන්නේ අතිධ්වනික තරංගයක් යවලා ඒ තරංගය අපේ Object එකේ වැදිල ආපහු එන්න යන වෙලාව මැනීමයි...

Temperature and Humidity Sensor  
Temperature and Humidity Sensor එකක්. මේක අපේ අවට පරිසරයේ උෂ්නත්වය හා ආර්ද්‍රතාවය නිර්ණය කිරීමට පාවිච්චි කරන්න පුලුවන්. මේවගේ එකක් පාවිච්චි කරල අපිට AC එකක් නැත්නම් fan එකක් වගේ දෙයක් යම්කිසි උෂ්නත්වයකට ළඟාවුනාම ඉබේම ක්‍රියාත්මක වෙන්න හදන්න පුලුවන්..


Project එකක් හැදුවට පස්සේ අපිට වැඩිපුරම වැදගත් වෙන්නේ Outputs නේ. Arduino වලදී නම් Output එකක් ගන්න LCD Character Displays, TFT Colour Screens , TV එකක් :D එහෙමත් නැත්නම් කෙලින්ම පරිගණකය වුනත් යොදාගන්න පුලුවන්.

එහෙනම් මම අදට ලිපිය නිම කරනවා...
මීළඟ ලිපියෙන් පළමු Arduino programme එක ලියන ආකාරය ගැන කියල දෙන්නම්.....
එහෙනම් අද ලිපිය ගැන Comment එකක් දාලාම යන්නකෝ....
එහෙනම් මම යනවා...
සුභ දවසක්!