25 December 2014

Arduino programming(හැඳින්වීම)



සුභ දවසක් යාලුවනේ.......
ඔන්න මම අද ඉඳන් අලුත් ලිපි පෙළක් ලියන්න යනවා...
ඒ තමයි Arduino programming ගැන...
සමහර අය මේ ගැන දන්නවත් ඇති දැනටම....ඒ වුනාට කමක් නැ...
මම හැමදේම මුල ඉඳන් කියලා දෙන්නම්......

ඔන්න එහෙනම් අපි මුලින්ම බලමු.....මේ Arduino කියන්නේ මොකක්ද? කියලා...
මේක හදපු Arduino.cc එකේ අය Arduino ගැන මෙහෙම කියනවා....

"Arduino is an open-source electronics prototyping platform based on flexible, easy-to-use hardware and software. It's intended for artists, designers, hobbyists, and anyone interested in creating interactive objects or environments."

ඕකේ තියෙන වැඩක් ඇති දේවල් ටික නම්,

1) Arduino කියන්නේ සම්පූර්නයෙන්ම නිදහස් දෘඩාංග සහ මෘදුකාංග වලින් සැදුම්ලත් එකක්. Arduino වලට අදාල ඕනම ක්‍රමානුරූප (Schematics) ඕන දෙයක් ඒගොල්ලන්ගෙම වෙබ්සයිට් එකක් ඩවුන් කරගන්න පුලුවන්.

2) Easy-to-use - ඇත්තටම Arduino වලින් ප්‍රෝග්‍රෑම් කරන එක සහ Arduino සම්බන්ධ පරිපථ නිර්මාණය හරිම සිම්පල් වැඩක්. ඒවා අපි ඊළඟට බලමුකෝ..

සරලවම කිව්වොත් Arduino කියන්නේ අපි විසින් එයට දෙන උපදෙස් වලට අනුව එය වැඩ කරනවා....එම නිසා අපිට Arduino මගින් LED පරිපථ වැනි සරල දේවල් වල සිට රොබෝවරු නිර්මාණය වැනි සංකීර්ණ වැඩ කිරීමට‍ද හැක...


දැන් සමහර අයට ගැටළුවක් එනවා ඇති PIC සහ Arduino අතර තියෙන වෙනස්කම් මොනවද කියලා.
  • PIC සහ Arduino අතර තියෙන ප්‍රධානම වෙනස්කම තමයි PIC කියන්නේ නිකම්ම Microprocessor එකක් විතරයි.
  • ඒවුනාට Arduino කියන්නේ සම්පූර්ණ prototyping platform එකක්. platform එකක microprocessor එකට අමතරව ප්‍රොග්‍රැමර් එකක් සහ power supply එකක් සහ පරිගණකය හා සම්බන්ධ කරන ක්‍රමයක් (USB or Serial) යන සියල්ලම අන්තර්ගත වෙනවා. 
  • ඒ කියන්නේ අපි Arduino බෝඩ් එකක් මිලදී ගත්තාම ඒක කෙලින්ම පරිගණකයට සම්බන්ධ කරල වැඩ පටන්ගන්න පුලුවන්.  
 දැන් ඉතින් විස්තර ගොඩක් මම කිව්වා....
අපිට  Arduino programming වලට ගන්න පුළුවන් Board විශාල ප්‍රමාණයක් තියෙනවා...
ඒ අතරින් අඩු මුදලකට ගන්න පුළුවන් බෝඩ් එක තමයි Arduino UNO  බෝඩ් එක.
මෙම බෝඩ් එක කොටුව පලවෙනි හරස් විදියේ පිහිටි යුනිටෙක් කියන වෙළඳ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්...මිල RS.1550/=ක් විතර වෙනවා...

ඔන්න මම Arduino UNO බෝඩ් එකේ පින්තුර 2ක් දැම්මා....
මේකේ භාවිතා වෙන්නේ  Atmega 328P කියන ප්‍රොසෙසරයයි.

හරි දැන් අපි බලමු Arduinoවලින් කරන්න පුළුවන් මොනවාද කියලා...
ඉස්සර අපි අමාරුවෙන් හදපු ඉලෙක්ට්‍රොනික පරිපථ විශාල ප්‍රමාණයක් දැන් Arduino යොදා ගෙන පහසුවෙන් හදන්න පුළුවන්..උදාහරණයක් විදියටඅපි මෙහෙම ගමු.. ඉස්සර අපිට නයිට් රයිඩර් සර්කිට් එකක් හදාගන්න ඕන වුනාම ඒකට විඳපු දුක මතකයි නේද? 4017 IC එක හොයාගෙන ඒකටත් සෑහෙන කට්ටක් කන්න ඕන වුනා. ඒවුනාට Arduino වලින් නයිට් රයිඩර් සර්කිට් එකක් හදාගන්න ඔයගොල්ලන්ට ඕන වෙන්නේ Arduino Board එක හැරුනාම LED 10කුයි එක resistor එකකුයි විතරයි. ඒ වගේ සරල දේක ඉඳලා LCD Character Display එකක් පාලනය කරන්න, ඔය ලස්සන ලස්සන LED Cubes හදන්න, Line follower නැත්නම් Obstacle avoiding රොබෝලා නිර්මාණය කරන්න,ගෙදර දොරක් නැත්නම් ජනේලයක් ඇරියොත් Twitter post එකක් හරි SMS එකක් හරි එවන්න, Touch Screen එකක් හරහා වැඩ කරන්න පුලුවන් Home Automation Systems,Autopilot හෙලිකොප්ටරයක් වගේ දෙයක් හදන්න වුනත් Arduino පාවිච්චි කරන්න පුලුවන්...


An LCD Character Display 16x2

Arduino භාවිතා කර සාදන ලද කුඩා රොබෝකාරයක්


 Arduino භාවිතා කර සාදන ලද Remote Control Plane එකක්..

Arduino වලින් වැඩ කරන්න පටන්ගන්නනම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම Arduino Board එකක් මිලදී ගන්න ඕන. ගාන ප්‍රශ්නයක් නැත්නම් ගන්න පුලුවන් හොඳම එක මම ඉස්සෙල්ලා කියපු Arduino UNO  බෝඩ් එක.

මෙම බෝඩ් එක කොටුව පලවෙනි හරස් විදියේ පිහිටි යුනිටෙක් කියන වෙළඳ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්...මිල RS.1550/=ක් විතර වෙනවා...

අපි ගොඩක් වෙලාවට මයික්‍රෝකන්ට්‍රෝලර් එකකින් බලපොරොත්තු වෙන්නේ මොනවහරි Input එකක් අරගෙන ඒ Input එකට අනුව Output එක පාලනය කිරීමයි. මේවගේ Inputs ලබාදෙන්න අපි එක එක ජාතියේ Sensors පාවිච්චි කරනවා. උදාහරණ විදියට උෂ්නත්වය මනින සංවේදක, දුර මනින සංවේදක, Hall effect sensors, ආලෝක තත්වය, ඒ වගේම නිකම්ම Switch එකක් උනත් Input එකක් වෙන්න පුලුවන්. අපි දැන් මේ Input Devices කීපයක් ගැන බලමු.....

IR sensor 
IR Distance Sensor එකක්. අපි මේවගේ ඒවා ගොඩක් වෙලාවට Line Follower රොබෝලා හදන්න පාවිච්චි කරනවා





Ultrasonic Distance Sensor
Ultrasonic Distance Sensor එකක්. මේවගේ එකක් පාවිච්චි කරලා අපිට මීටර් හතරක දුරක් ආසන්න සෙන්ටිමීටරයට නිවැරදිව කියන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඔය Navigational Robotsලා වගේ දේවල් හදන්න මේක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. මේකෙන් කරන්නේ අතිධ්වනික තරංගයක් යවලා ඒ තරංගය අපේ Object එකේ වැදිල ආපහු එන්න යන වෙලාව මැනීමයි...

Temperature and Humidity Sensor  
Temperature and Humidity Sensor එකක්. මේක අපේ අවට පරිසරයේ උෂ්නත්වය හා ආර්ද්‍රතාවය නිර්ණය කිරීමට පාවිච්චි කරන්න පුලුවන්. මේවගේ එකක් පාවිච්චි කරල අපිට AC එකක් නැත්නම් fan එකක් වගේ දෙයක් යම්කිසි උෂ්නත්වයකට ළඟාවුනාම ඉබේම ක්‍රියාත්මක වෙන්න හදන්න පුලුවන්..


Project එකක් හැදුවට පස්සේ අපිට වැඩිපුරම වැදගත් වෙන්නේ Outputs නේ. Arduino වලදී නම් Output එකක් ගන්න LCD Character Displays, TFT Colour Screens , TV එකක් :D එහෙමත් නැත්නම් කෙලින්ම පරිගණකය වුනත් යොදාගන්න පුලුවන්.

එහෙනම් මම අදට ලිපිය නිම කරනවා...
මීළඟ ලිපියෙන් පළමු Arduino programme එක ලියන ආකාරය ගැන කියල දෙන්නම්.....
එහෙනම් අද ලිපිය ගැන Comment එකක් දාලාම යන්නකෝ....
එහෙනම් මම යනවා...
සුභ දවසක්! 

5 comments:

  1. Replies
    1. Arduino Programming(හැඳින්වීම) ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Now

      >>>>> Download Full

      Arduino Programming(හැඳින්වීම) ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download LINK

      >>>>> Download Now

      Arduino Programming(හැඳින්වීම) ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Full

      >>>>> Download LINK T8

      Delete