27 December 2014

Arduino Programming-3 පාඩම(Arduino Software & Drivers install)

එහෙනම් සුභ දවසක් හැමෝටම!ඔන්න එහෙනම් මම ‍අදත් අවා Arduino Programming වල 3වෙනි ලිපියඅරගෙන....මම හිතනවා මේ වෙනකොට හැමෝම මන් ලියපු පලවෙනි ලිපියයි,දෙවන ලිපියයි කියවන්න ඇති කියලා....කියව්වේ නැත්තම් දැන්ම කියවලා ඉන්නකෝ....මොකද නැත්තම් ඉස්සරහට තියෙන පාඩම් කරන්න අමාරු වෙයි...
  1. පලවෙනි ලිපිය...
  2. දෙවන ලිපිය..
එහෙනම් ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Arduino Software එක ඔයාලගේ පරිගනකයේ Install කරගන්නා හැටි. මේක වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යන OS තුනටම සහයෝගය දක්වනවා. ඒවගේම මේ Arduino Software එක ස්ථාපනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.ඒ කියන්නේ මේක ඇත්තටම කිව්වොත් portable softeware එකක්..දැනට තියෙන අලුත්ම සංස්කරණය වෙන්නේ Arduino 1.0.6 එකයි. ඒක මෙතනින් බාගන්න...තව දෙයක් කියන්න ඕනේ... ඔයාලා Use කරන්නේ windows xp නම් ඒ අයට drvers Install කරන්නත් වෙනවා....එක ගැන වැඩි විස්තර දැන ගන්න පහල ලින්ක් එකෙන් යන්න.(windows xp use කරන්නන් සඳහා පමණි..)මෙතනින් යන්න...

සටහන :- Arduino Software එක දුවන්නේ Java මත නිසා ඔයාලට Java Runtime Environment එකත් පරිගණකයේ තිබීම අවශ්‍ය වෙනවා. දැනටමත් ඔයගොල්ලෝ Java දාලා නැත්නම් මෙතනින් Java Download කරගන්න.

 දැන් ඔයාල Download කරගත්ත
Arduino Software ඒක එන්නේ Zip File එකක් විදියට...දැන් ඒක වෙනම ෆෝල්ඩයරක් ඇතුලට Extract කරගන්න...


ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන "Arduino.exe" ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න.....

  Run "arduino.exe"

ඔන්න දැන් Arduino Software එක ලෝඩ් වෙනවා....


දැන් අපි ඉස්සෙල්ලම කරන්න ඕන අපේ Arduino බෝඩ් එක පරිගණකයට සම්බන්ධ කරන එකයි. එහෙම සම්බන්ධ කරාට පස්සේ අපේ Board එක පරිගණකයට සම්බන්ධ කරල තියෙන පෝට් එක සහ අපේ Board එකේ වර්ගය Arduino Software එකට කීයන්න ඕන. මේ පෝට් එක Device Manager හරහා දැනගන්න පුලුවන්. ඒ සඳහා පහත දැක්වෙන පියවරවල් අනුගමනය කරන්න. 

සැලකිය යුතුය:- Arduino USB වුනාට ඒක වැඩකරන්නේ Serial Emulation යොදාගෙන. ඒ කියන්නේ අපි මේක USB හරහා සම්බන්ධ කරාට පරිගණකය හිතන්නේ මේක හයිකරලා තියෙන්නේ Serial Port එකක් හරහා කියලයි. ඒ නිසා අපේ Board එකට අංකයක් තියෙනවා මේ වගේ ( COM1 ). 

  • Arduino Board එක පරිගණකයට සවිකර තිබියදී Device Manager එකට යන්න. එකේ Ports කියන Section එක යටතේ ඔයගොල්ලන්ගේ බෝඩ් එකේ නමත් එක්ක ඒකට අදාල පෝට් එක බලාගන්න පුලුවන් වෙයි.


Device Manager එකට යන විදිය



 අදාල Serial පෝට් එක
 
දැන් කලින් බලාගත්ත PORT එකේ අංකය මෙතනින් තෝරන්න...
දැන් මෙතනින් ඔයාගේ බෝඩ් එකේ වර්ගය තෝරන්න.(මම තේරුවේ Arduino uno කියලා.මොකද මගේ බෝඩ් එක Arduino uno නිසා..) 



ඔබ ඉහත පියවරවල් ටික නිවැරදිව සම්පූර්ණ කර ගත්තා නම් දැන් ඔබ Arduino Board එක නිවැරදිව Configure කර ගෙන අවසානයි. දැන් ඉතින් තියෙන්නේ Project එකක් කරන්න තමයි.


ආ ඔයා තාම Arduino බෝඩ් එකක් ගත්තේ නැත්තම් දැන්ම ගන්න.මොකද මීළඟ ලිපියේ ඉඳන් අපි ප්‍රයෝගික පරීක්ෂණ වලට බහිනවා...මම දැක්කා lankatronics කියන සයිට් එකේත් තියෙනවා Arduino බෝඩ් විකුණන්න..එයාලගෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..මෙතනින් ගිහිල්ලම බලන්නකෝ...නැත්තම් Ebay එකෙනුත් ගෙන්නන්න පුළුවන්...එත් එකට කාලයක් යනවා...මගේ යාලුවෙකුත් ගෙන්නුවා.එයාටත් ටික දවසක් බලන් ඉන්න උනා බෝඩ් එක එනකන්..නැත්තම් ලේසිම ක්‍රමය තමයි කොටුවේ පලවෙනි හරස්වීදියේ තියෙන යුනිටෙක් කියන කඩෙන් ගන්න එක තමා..මම ගත්තෙත් එතනින්...ඔන්න එහෙනම් මීළඟ ලිපියෙන් අනිවාර්යයෙන් ප්‍රයෝගික පරීක්ෂණ ආරම්භ කරනවා....
ඔන්න එහෙනම් අදට පාඩම් ඉවරයි.....අද පාඩමේ මොකක්හරි දෙයක් ඔයාලට කියන්න තියෙනවනම් කොමෙන්ට්ටුවක් දාලා කියන්න..එහෙනම් ඔන්න අපි කැපුනා.සුභ දවසක්! 

0 comments:

Post a Comment